Thursday, October 20, 2011

මහජනයාගේ නාලිකාව හෙවත් සියල්ලෝම රවටන සතුරා..

මහජනයාගේ නාලිකාව හෙවත් සියල්ලෝම වටන තුරා..

         මේ දින වල එක්තරා නාලිකාවක විකාශනය වන මෙගා ටෙලි නාට්‍ය මාලාවක් වන "වසූදා", "කාව්‍යා", හා  "පතිනි" ලංකාවේ සිටින මවුපියන් සහ තරුණ පරම්පරාව කට ඇරගෙන බලන කොඩිවිනයකි. මෙම කොඩිවිනය සතියේ දින පහේම දහවල් 1 ට පමණ පටන් ගෙන ලංකා සංස්කෘතියට හා අනාගත පරපුරට වැදගත් දායාදයන් රාශියක් හිමිකර දෙමින් විකාශනය වේ.. එනම් ලෝකය දිහා වෛරයෙන් බලන්න උගන්වයි.. වෛර කිරීමෙන් ජයග්‍රහණය ලබාගත හැකි බවද උගන්වයි.. ඊර්ශාව කරන්න උගන්වයි.. ඊර්ශාව ලෝකයේ තිබෙන සුන්දරම දෙයක් බවද එය අප එකිනෙකාට කරගත යුතුම දෙයක් බවද උගන්වයි.. අනියම් සම්බන්දතා ඇතිකර ගන්නා ආකාරය උගන්වයි..  අනියම් සම්බන්දතා හා  විවාහය දෙදරායාම සාමාන්‍ය දෙයක් බවත් ඔබ ගැහැනියක් නම් ඔබේ මිනිහාගෙන් තෘප්තිමත් වනවාට අමතරව වෙනත් මිනිස්සු කිහිපදෙනෙකුගෙන් තෘප්තිමත් වීමටත් ඔබ මිනිහෙක් නම් ගැහැනුන් කිහිප දෙනෙකුගෙන් තෘප්තිමත් වීම වාසනාවක් බවද ඒ වගේම එය සාමාන්‍ය දෙයක් බවද අනාගත පරපුරට හා දූ දරුවන්ට ප්‍රයෝගික පින්තූර රාමු ඔස්සේ පියවරෙන් පියවර උගන්වයි.. මෙවැනි සම්බන්දතා ඇතිකර ගැනීම නවීන සංස්කෘතියක් හිමි ජාතියක වැදගත් ලක්ෂණයක් බවද උගන්වයි..  දෙමවුපියන් දරුවන්ට වෛර කරන ආකාරයත්, දරුවන් දෙමාපියන්ට වෛර කරන ආකාරයත් සරලව ළමා මනසට තේරෙන විදියට උගන්වයි.. අනුන්ගේ දේපල කඩා වඩා ගැනීම හොඳ දෙයක් බවද ඉන් පසුව ඔවුන් උපක්‍රම ශීලීව විනාශ කර දමන ආකාරය ද උගන්වයි.. මවක් යනු දුෂ්ටයෙක් බවත්, එකම පවුලක් තුල දුෂ්ටකම් තිබිය යුතු ගුණාංගයක් බවත් අනෙකා මලත් කමක් නෑ තමනේ බඩ ගොස්තරය පිරෙනවානම් එක තමයි නියම ක්‍රමය බවත් උගන්වයි..  අම්ම අප්පා නැති දරුවන් තමයි හොඳ දරුවෝ කියලා අම්ම අප්පා නොහඳුනන අවජාතක සංස්කෘතියක් බිහිකිරීමට උත්සාහ දරයි.. දෙමාපියන් හා දරුවන් එකිනෙකාට විරුද්ද සතුරන් විය යුතු බව ද තම බඩගෝස්තරය වෙනුවෙන් හා පලිගැනීම වෙනුවෙන් කේලම් කීම, කෙටවීම, අපහස කිරීම ආදී දෑ කලයුතු බව උගන්වයි.. සැබවින්ම මෙම බොහෝ වසල ගුණාංග ඇති  ප්‍රධාන ගුරු වසලයාත් ඔහුගේ අනුගාමිකයනුත් කවරහුද?

    සොයා බැලීම ජනතා අධිකරණයට භාරකරමු..

        මේ සමාජයට යහපත උගන්වන, අප දෙපා නමැද වඳින තෛනායක හිමියන්ද මර නින්දේය.. පාලකයින්ද සුර යහන වල මර නින්දේය.. වියතුන් කාමුක සැප ලබමින් නිදි යහනේය.. අපේ අහිංසක දුවා දරුවන් හා මවුපියන් පමණක් අවදියෙන්ය.. ඒත්... ඔවුන් රුපවාහිනිය දෙවියා කරගෙන භාව වන්දනාවේ යෙදෙන්නේය....
   
අති ගරු ජනාධිපති තුමනි.................

        මේ සමාජය වනසන මත් ද්‍රව්‍ය වලට විතරක් වාරණ දැම්මට මදිය.. මෙවැනි නාලිකා ඔස්සේ විකාශනය කරන විනාශකාරී සමාජ වෛරස් වපුරන කලා කෘති යැයි කියාගනු ලබන කොඩිවිනද වාරණයකට ලක්කළ යුතු කාලය එළඹ ඇත..

රජාට අඳින්න කඩුව ගන්න ගිහින් ගොනාට ඇඳගන්න අපේ මවුපියන් හා සිසුදරුවන්..

රජාට අඳින්න කඩුව ගන්න ගිහින් ගොනාට ඇඳගන්න අපේ මවුපියන් හා සිසුදරුවන්..
 
      
ඉංග්‍රීසි භාෂාව අපේ දෛනික ජීවිතයට ඉතාමත් වැදගත් වන භාෂාවක්.. මොකද ගොඩක් රටවල ප්‍රධාන භාෂාවක් ලෙස භාවිතා කරන්නේ ඉංග්‍රීසි.. මෙම භාෂා මාධ්‍ය හරහා ගොඩාක් තොරතුරු ගන්නත් වැඩිදෙනෙකුට තොරතුරු ලබා දෙන්නත් පුළුවන්.. උදාහරණයකට අන්තර්ජාලය සලකන්න.. මෙමගින් කියවෙන්නේ දැනුමේ දොරටුව ඉංග්‍රීසි භාෂාව කියලයි.. 
     මෙම භාෂාවේ වටිනාකම අප හැමෝම දන්නා දෙයක්.. ඒ නිසා අපගේ මෙම අවශ්‍යතාවය දඩමිමාකාර ගනිමින් ගුරුවරුන් ලෙස පෙනීසිටින වංචාකාරයින් හා බොරු කාරයින් පෞද්ගලික ඉංග්‍රීසි පාටමාලා  ඇතිකර ඇත. අද ලංකාවේ ගෙයක් හැර ගෙයක් ගානේ ඉංග්‍රීසි ටියුෂන් පංති ඇත.. සමහරු මහා පරිමාණයෙන් මෙම මුදල් ගැරීමේ කටයුත්තේ නියලී සිටින්නේ ආයතන මට්ටමිනි.. එනමුදු අ පො ස (සා/පෙළ) ඉංග්‍රීසි සමත්වීමේ ප්‍රතිශතය 35% ටත් වඩා අඩුය.. ඒ කියන්නේ ලකුණු 35 ට වඩා වැඩියෙන් ගන්න අය ඉන්නේ සියදෙනෙකුගෙන් 30 ක් හෝ 35 ක් පමණක් බවයි.. මෙතරම් ඉංග්‍රීසි පංති තියන රටක මෙහෙම වෙන එක තමයි පුදුම.. ළමයකුට ඉංග්‍රීසි උගන්වන්න ටියුෂන් දෙන්න ගන්නේ වයස අවු 5 හෝ 6 සිටයි.. ඒ වයසින් ඉගනීම ආරම්බ කරන ළමයා අවු 10 ක් විතර ඉංග්‍රීසි ඉගනගෙන 11 ශ්‍රේණියේදී F සාමාර්ථයක් ගන්නේ ඉංග්‍රීසි යනු අමාරු විෂයක් බවට සමාජ සම්මතයක් ද බිහි කරමින්..  සැබවින්ම මෙම තත්වයට වගකිව යුත්තෝ කවරහුද
දෙමාපියන්
මොට්ට අධ්‍යාපන බලධාරීන්
ගුරුවරුන්
අවස්තාවාදී රජයේ පාලකයින්
විශ්වවිද්‍යාල සිසුන් 
       ඉහත දක්වා ඇති චෝදිතයින්ගේ නූගත්කම, ඇල්මැරුණු බව, ගතානුගතික බව  හා අවස්ථාවාදී බව මේ සඳහා හේතු වී ඇත.. මොවුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ අහිංසක සිසු දරුවන්ටය..
      ලංකාව තුල වැඩිවී ඇති ඉංග්‍රීසි භාෂා ඉල්ලුමට සරිලන ගුණාත්මක බැවින් යුත් පාටමාලා බිහි වීමක් දකින්නට නැත.. මීට ප්‍රධානතම හේතුව ඉංග්‍රීසි මාෆියාවක් ක්‍රියාත්මක වීම බව අකමැත්තෙන් උවද කීමට කැමතිය.. මොවුන් ගේ අරමුණ තවදුරටත් ඉංග්‍රීසි භාෂාව සුපිරි පැලැන්තියේ භාෂාවක් ලෙස පවත්වා ගනිමින් තම අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ද කර ගැනීමයි.. ඉංග්‍රීසි ඉගැන්වීමේදී නිසි ආකාරව ඉගැන්වීම සිදුනොවන අතර ගුරු මුෂ්ටිය තබා ගැනීමද දැකිය හැක.. බහුතර ජනතාවක් නූගත් වන තරමට මෙම මාෆියා කරුවන්ගේ පොකට්ටුව බර කර ගත හැකි බව ඔවුන් දනී.. කිසි දිනක ළමයකුට ඉංග්‍රීසි ඉගන ගැනීමට උගන්වන්නේ නැත.. සැමවිටම කරනුයේ ඉංග්‍රීසි කට පාඩම් කරවා ළමයාත් දෙමාපියනුත් කුල්මත් කර විශ්මයට පත් කිරීමයි.. "හා හොඳයි දැන් ඔයාට ඉංග්‍රීසි පුළුවන්.."  එවිට ළමයාත් දෙමාපියනුත් සිතනුයේ ළමයාට දැන් ඉංග්‍රීසි කතා කරන්නත් ලියන්නත් පුළුවන් කියලා.. එත් පාටමාලාව අවසන්වෙලා මාස 2 ක් ගිය ගමන් තමන් එවැනි පාටමාලාවක් කල බවක්ද නොදනී.. මුලදී කතා කල ඉංග්‍රීසි භාෂාවත් අමතකය.. අනේ පවු අපේ අම්මලා තාත්තලා සහ ඔවුන්ගේ දු දරුවෝ හැමදාමත් රැවටෙනවා.. මොකක් හරි ඉංග්‍රීසි වාක්‍ය ටිකක් ගිරවුන්ට වගේ කට පාඩම් කරවලා.. දෙමාපියන්ගේ අතේ තියෙන තුට්ටු දෙකට විදිනවා.. බොහොමයක් ගුරුවරු කැමති නෑ ඉංග්‍රීසි වල තියෙන රහස් ටික උගන්වන්න.. මොකද මේ ඉගන ගන්න සිසුන් ලොකු උනාම ඔවුනුත් ට්යුෂන් කරලා තමන්ගේ බඩට ගස්සවාගන්න කොයි ගුරුවරයාද කැමති..
      අපේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ වගකීම දරන ජාතික ආයතනය වන්නේ ජාතික අධ්‍යාපන ආයතනයයි.. මෙහි සිටින්නන් වැඩි ප්‍රමාණයක් මැට්ටන්ය.. බක පණ්ඩිතයන්ය.. මොවුන් මෙම ඉංග්‍රීසි මාෆියාවේ ප්‍රධාන කොටස් කරුවන්ය.. මොවුන් විසින් ළමයින්ගේ පෙළ පොත් සාදා ඇත්තේ එක්තරා පැලන්තියක  ඉගනීම සඳහාය.. "ගමේ දරුවා මඩට අපේ දරුවා ලෝකයට" යන තේමාවට අනුව වැඩ කරයි..
      අපේ පාසල් බොහොමයක ඉංග්‍රීසි ගුරුවරයා යනු ආගන්තුක පිනට පඩි ගන්නකු වී ඇත.. ඔහුට හෝ යට සිදු වී ඇත්තේ බූරුවන් හදපු සිලබස් එක ඇස කන පියාගෙන අන්ධයකු ලෙස වසරක් ඇතුලත කවර් කිරීමය.. "මට පඩිය ලැබෙනවානම් මුන් ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි." යන්න පාසල් ගුරුගේ තේමා පාටයි..
      කලින් කලට පත්වෙන පාලකයින්ගේ මුලික අරමුණ තමන්ගේ මඩිය තරකර ගැනීමයි.. "මොකා මොකක් කලත් කමක් නෑ මගේ මඩිය තර වෙනවානම්.. හොහොමත් මගේ එකා කැමති නම් එරටට.. මගේ නම ගෙනියන කොට මෙරටට.." යන්න පාලකයින්ගේ තේමාවයි..
      ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් තමයි ලෝකයේ සිටින උගත්ම පිරිස.. කියලා තමයි ඒ අය හිතන්නේ.. ඉතින් මේගොල්ලෝ කරන බුද්ධිමත්ම ක්‍රියාව තමයි.. ගෙන ගෙන හැම අධ්‍යාපන ප්‍රතිසංස්කරනයකටම උත්ගෝෂණය කරන එක.. අනේ පවු මේ ලමයි  ඉතින් අර මැට්ටෝ හදපු පොත් කියවලා මොලේ මන්ඥාන් කර ගත්තු දරුවන්නේ.. ඉංග්‍රීසි භාෂාවයි සුද්දයි දෙන්නම ඔවුන්ට අරහන්නේ.. ඉතින් මේ අයගේ දැනුම වැඩියි.. දැක්ම අඩුයි..  
      හැමදාමත් ගොනාට අඳින්න කැමති අපේ බොහොමයක් දෙමාපියන් තම දරුවාට ඉංග්‍රීසි ගුරුවරයෙක් හෝ පාටමාලාවක් තේරීමේදී කිරි පට්ටියේ ඉන්න හොඳම ගොනාට අඳින්න අමතක කරන්නේ නැත.. අපේ දෙමාපියන්ට අනුව හොඳම ඉංග්‍රීසි දැනුම තියෙන ගුරුවරයකු සතු ගුණාංග කිහිපයක් පහතින් දක්වා ඇත.. 
නවීන් පන්නයේ මිල අධික වාහනයක් තිබීම. (අඩුම තරමේ ලොකු බයික් එකක් වත්) (වාහනයේ මිල = ලබාගත් උපාධි වල බර)
පෞද්ගලික උපකාරක පාටමාලා හෝ පන්ති වැඩිප්‍රමාණයක් පවත්වාගෙන යන්නකු වීම.
ගුරුවරයා විසින් අයකරන මුදල වැඩි වීම.
ස්මාට් එකට ෂර්ට් එක යටකරල අඳින, හොඳ සුවඳ විලවුම් පාවිච්චි කරන, රු 6000 ට වඩා වැඩි සපත්තු පළඳින, කැඩිච්ච සිංහල පාවිච්චි කරන්නකු වීම..
කතා බහෙන් හා ගමන් චර්යාවෙන් සිත් ඇදගන්නා සුළු පුද්ගලයෙක් වීම.
ගුරුවරයාගේ වත ගොත නොදන්නා තරමට දෙමාපියන් වඩාත් කැමතිය. 
       ඉහත දක්වා ඇති කරුණු කරනා සලකා බලා අපේ දෙමාපියන්ගේ ආර්ථික හැකියාව මත තම දරුවන්ට කෙටි කාලයකින් ඉගැන්වීමට රු 10000 සිට 100000 දක්වා වූ ඉංග්‍රීසි පාටමලා කිරීමට ට්යුෂන් මාස්ටර්ලා වෙත යොමු කරයි.. ඇත්තටම ඉංග්‍රීසි මෙතරම් මිලද? මාස 6 ක් වැනි කෙටි කලකින් ඉංග්‍රීසි ඉගෙන ගෙන නිම කල හැකිද?
නොහැක 
     අඩුම ගානේ ඉංග්‍රීසි භාෂාව නිවැරදිව වසර 2 ක් වත් පරිශීලනය හෙවත් ඉගනීම කලයුතුය.. ඉංග්‍රීසි වැනි භාෂාවක් ඉගනීමේ දී ප්‍රධාන පුද්ගලයා ගුරුවරයා නොව තමාත් තමාගේ දරුවාත්ය.. එනම් විශේෂයෙන්ම තම දරුවාය.. එනම් තම දරුවා 80% දායකත්වයක් සැපයිය යුතුය.. ඉංග්‍රීසි ඉගනීම සඳහා රු 10000 කට වඩා වැඩිපුර වියදම් නොකරන්න.. තම දරුවාට භාෂාව ඉගනීමට අවශ්‍ය පොත් පත් ටික මිල දී ගන්න.. දරුවා ස්වයං අධ්‍යාපනයකට යොමු කරන්න වගබලා ගන්න. රටේ ඉන්න ට්යුෂන් කඩ කාරයින් ගාවට යැවුවට පලක් නම් නැහැ.. ගුරුවරයකුගේ සහය අවශ්‍ය විට සරල චාම් ගති පැවතුම් තියෙන කෙනෙක්ව තෝරා ගන්න.. නිතරම අභ්‍යාස වල ළමයා යොදවන්න. ඉංග්‍රීසි භාෂාව තුල රහස් ඇති බව මතක තබා ගන්න.. 
ජය නියති..

Wednesday, October 5, 2011

දැන්වීම් නැරබීමෙන් මුදල් උපයන්න.




දැන්වීම් නැරබීමෙන් මුදල් උපයන්න.
      ඔන්න මම අද bux වෙබ් අඩවි වල  දැන්වීම් නැරඹීමෙන්  මුදල් හොයන්න ආකාරය ගැන උගන්වන්නම්. මේවාට කියන්නේ  "ක්ලික් කරාම මුදල් ගෙවනවා" යනුවෙනි එනම් මේවා. PTC ( Paid To Click ) අඩවි කියල තමයි ප්‍රසිද්ධ. මෙම ක්‍රමයෙන් මුදල් සොයන්න ඔයාලට අන්තර්ජාලය පිලිබඳ දැනුමක් ඕන නෑ. මේ වගේ වෙබ් අඩවි අන්තර්ජාලය තුල  ඕන තරම් තියෙනවා. එත් බොහොමයක් ඒවා ව්‍යාජ වෙබ් අඩවි. ඒකනිසා ඒවායින් ප්‍රවේසම් වෙන්න ඕන ඔයාලා.

       
මෙම වෙබ් වල (එනම් bux අඩවි වල)   අප ලියාපදිංචි වුනහම ඔවුන්  අපට  දිනපතා දැන්වීම් කිහිපයක්  නැරඹීමට අවස්ථාව  උදාකරලා දෙනවා. ඒවා තත්පර 4 සිට තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ කාලයක් නැරඹීය යුතු වෙනවා. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි  මුදලක් අප ගිණුමට එනම් Account එකට  ඔවුන් එකතු කරනවා. එම මුදල එතරම් ලොකු ගාණක් නොඋනත් මෙය මාසයක් විතර කරගෙන  යනකොට තරමක් දුරට හොඳ මුදලක් එකතු කර ගන්න පුළුවන් වෙනවා.  ඔබ මෙවැනි bux වෙබි  අඩවි කිහිපයකින්ම  මෙලෙසින්  සල්ලි  එකතු  කරගන්න පුළුවන්. එකකොට නම් කල්ල මරේ...
          ඔබ ටිකක් වැඩිපුර හම්බකරන්න බලාපොරොත්තු වෙනවනම් අඩුම ගානේ bux අඩවි 15 ක වත් register වෙන්න ඕන.  ඔබ register වෙනකොට මම දීලා තියෙන අඩවි වල විතරක් තෝරාගන්න.   
        ඔක්කොටමත් හරි පහත bux වෙබ් අඩවි වලින් එකතුවෙන  මුදල් ලබාගැනීමට  Alert Pay  බැංකු ගිණුමක් තිබිය යුතුමයි.  දැනට ඔබට ගිණුමක්  නොමැතිනම්   පහත බැනරය click කිරීමෙන් ගිණුමක්  හදාගන්න.   ඔබට Alert Pay එක්  ගිණුමක්  පමණක් තබා ගන්න. මොකද එක පරිගණකයකින් සැදිය හැක්කේ එක ගිණුමක් පමණක් නිසා.
       ඔබ විසින් open කල යුත්තේ  personalaccount එකකි. වැරදිලාවත් personal pro හෝ  business accounts අරින්න යන්න එපා. මොකද ඒවා verify කරගන්න අපේ අම්ම තාත්තගේ විස්තරත් එල්ලන නිසා. එත් ඔබට අවශ්‍ය නම් ඔබගේ personal account එක නොමිලේ ඉහත සඳහන් ඕනෑම ගිණුමකට  upgrade කර (ගිණුමෙන් ගිණුමට මාරු වෙන්න) ගන්න පුළුවන්. 
 
       ඔබ  open කරන  alert pay ගිණුමේ  හා අනෙකුත්  bux  ගිණුම් වල referal name එක ලෙස lgmanjula හෝ expresslanka ලෙස තිබෙන අතර එය මැකීමෙන් වලකින්න. මක්නිසාද ඔබ referal name  එක ලෙස lgmanjula හෝ expresslanka ලෙස තැබිය යුතුම නිසා. ඔබගේ නම අපගේ referal ලිස්ට් එකේ සඳහන් වෙලා ඇත්නම් ඔබට පහසුවෙන් උදවු කිරීමට අපට හැකියාව ඇත.
 

          
ඔබ මෙන්න මේ තියෙන bux අඩවි ටිකේ register වෙලා මුදල් හම්බකරන්න පටන්ගන්න. මම පස්සේ ඔයාලට මල්ල කරට එන වැඩක් කියලා දෙන්නම්. ඔබ සැම විටම Bux ගිණුම හා Aletpay ගිණුම සදහා  එක් ඊ මේල් ලිපිනයක් පමණක්  තබාගැනීමෙන් ඔබට වාසි කිහිපයක් ලබාගන්න පුළුවන්.
 
          මම මෙහි සදහන් සෑම bux  අදවියකින්ම මේ වෙනකොට ලොකු මුදල් උපයලා තියෙනවා. දැන් මගේ සාමාන්‍යෙන් දිනකට $ 7 ත් 10 ත් අතර උපයනවා. ඔයාලත් දැන්ම  register වෙන්න. Register වුනාම ඔබට දිනපතා  දැන්වීම් කිහිපයක් නැරඹීමට ලැබෙනවා. ඔබ දිනපතා මෙම දැන්වීම් නැරඹිය යුතුයි. එක් දැන්වීමක් නැරඹීමෙන් ලැබෙන මුදල bux  අඩවිය අනුවත්, දැන්වීමේ කාලය අනුවත් වෙනස් වෙනවා.  බොහොමයක් හොඳ bux  අඩවි දැන්වීමකට රු 1 ක් ගෙවනවා. මේ අනුව දිනකට එක් වෙබ් අඩවියකින් ඔබට  මූලිකව රු 4 ක පමණ මුදලක් තමයි සොයාගන්න පුළුවන් වෙන්නේ. එත් ඔබට මාස 3 ක් හෝ 4 කට පස්සේ දිනකට රු 15 ක පමණ මුදලක් සොයාගන්න පුළුවන්. 
           දැන් ඔයාලට තියෙන ප්‍රශ්නය තමයි මුල් මාස 3 හෝ 4 තුල  දවසකට රු 4 ක් වගේ පොඩි ගාණක් හොයාගෙන මොකකට ද කියල. ඉතින් සමහර අය මෙහෙම හිතලා දවසක් දෙකක් දැන්වීම් බලලා ඒක නතර කරනවා.  නමුත් ඔබට පියවරෙන් පියවර ඔබේ ආදායම වැඩි කරගන්න පුලුවන්. එම නිසා කම්මැලි නැතුව දවස ගානේ දැන්වීම් බලන්න.  ළඟදීම දිනයක ඇඩ්ස් බලලා මල්ල කරට ගන්න හැටි කියාදෙන්නම්. එතකොට කකුල් දෙකයි අත් දෙකයි උද තියාගෙන හිටියත් ගෙදරටම සල්ලි ලැබෙයි. එත් ලොකු ගානක් නෙවෙයි මාසෙකට $ 90 පමණ තමයි. එත් ඔයා දක්ෂ නම් $ 250 ක් දක්වා වැඩිකර ගන්න පුළුවන්. ඕනෑම දෙයක ආරම්බය ඇත්තටම අමාරුයි. එත් එක නතකා වැඩකලොත් අනාගතය සරුයි.

බලනවානම් මෙන්න ටෙලි නාට්‍යක්.

බලනවානම් මෙන්න ටෙලි නාට්‍යක්. 


      මේ දින වල එක්තරා පෞද්ගලික නාලිකාවක විකාශනය වන "වසුදා" පිළිබඳව යමක් සඳහන් කිරීමට කැමැත්තෙමි. කාර්ය බහුල ජීවිතයක් ගතකරන අප සමාජයේ සියලු දෙනා ටෙලි නාට්‍යක් වැනි කලා මාධ්‍යක් නැරබීමෙන් බලාපොරොත්තු වන්නේ සිතට සැහැල්ලුවක් සහිත රසවින්දනයකි. එම අරමුණ පෙරදැරිව බිහිවන කලා නිර්මාණ මිනිසාට රසවින්දනය සමග සැහැල්ලුව හා දැනුමද ලබාදේ. එනමුදු අද බිහිවන සමහර ටෙලි නිර්මාණ තුලින් මුල සිට අග දක්වාම පතුරවන්නේ වෛරය, ක්‍රෝදය, කුහකබව, ඉර්ශාව, දුෂ්ටගති, පලිගැනීම වැනි අධම සිතුවිලිය.
  • මෙවැනි දුෂ්ට කලා නිර්මාණ බිහි කිරීමේ අරමුණ කුමක්ද?
  • මෙවැනි දුෂ්ට කලා නිර්මාණ විකාශනය කරන දුෂ්ට ආයතන වල සැඟවුණු අභිප්‍රාය කුමක්ද?
  • මෙවැනි නිර්මාණ නරඹන බාල, තරුණ, මහළු සියලු දෙනාගේ යටි     මනසට සිදුවන හාහිය කොපමණද?
  • එම හානිය ඇති කිරීමට උඩගෙඩි දෙන වගකිවයුත්තෝ කවරහුද?
  • අස් කණ පියාගෙන සිටින බලධාරීන්ට ලැබෙන සන්තෝසම් මුදල කොපමණද?
  • හෙට දින අනාගතය බාර ගැනීමට සිටින තරුණ පරම්පරාවේ සිතුවිලි වලට කුමක් සිදුවේද?
          ආදී ලෙස ප්‍රශ්ණ රාශියක් පැනනැගී ඇත. මා මෙහිදී සඳහන් කලයුතු එක වදනක් ඇත. එනම් ශරීරයට අහිතකර බොහෝ දෑ පැණි රසය. මෝඩ මිනිසුන් පැණි රසට බොහෝසේ  කැමතිය. දුෂ්ට අධම මිනිසුන් ශ්‍රී ලංකා සමාජය විනාශය කරා ගෙන යමින් සිටියි. ඔබ මෝඩයෙක් නොවෙයි නම් මේ පිළිබඳව  අවධියෙන් සිටින්න.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money